International

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

Saturday, 05 July 2025 - 8:34 pm

ජපානයට අද බියජනක දිනයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඊට හේතුව එරට 'බාබා වංගා’ හෙවත් මංගා අනාවැකි කියන්නියක වන රියෝ ටස්ටුකි, සිය ‘The Future I Saw’ නම් පොතේ පළ කළ අනාවැකියක් හේතුවෙන්.

ජපානය සඳහා වූ මෙම බියජනක අනාවැකිය කාලගුණ විද්‍යාඥයින්, භූමිකම්පා විශේෂඥයන් සහ ජපන් රජය තුළද කැළඹීමක් ඇති කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පොතට අනුව, අද පැසිෆික් සාගර වෙරළ තීරයේ භූමිකම්පාවක් සිදුවනු ඇති අතර එය 2011 සුනාමිය මෙන් තුන්ගුණයක් විශාල සහ විනාශකාරී විය හැකි බව සඳහන්.

මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍ය ජාල තුළද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙවන් පසුබිමක දකුණුදිග ජපානයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් පරිමානයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර, ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් බව ද වාර්තා වනවා.

අදත් කුඩා භූ කම්පන කිහිපයක්ම හොකයිඩෝ සිට කියුෂු දක්වා ප්‍රදේශවලට බලපා ඇති අතර, ආරක්ෂාව සඳහා ජනතාව ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

හොංකොං හි ග්‍රේටර් බේ ගුවන් සේවය ටොකුෂිමා වෙත දින නියමයක් නොමැතිව ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර ඇත්තේ මෙවන් පසුබිමකයි.

ජපාන රජය මහජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

මෑත කාලීනව සිදුවූ කිසිදු භූ කම්පනයක් අනාවැකියකට සම්බන්ධ කළ හැකි විද්‍යාත්මක පදනමක් නොමැති බව ද රාජ්‍ය බලධාරීන් අවධාරණය කරනවා.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT