Local

පැය හතරෙන් පාස්පෝට් එක අතට

Friday, 20 June 2025 - 10:03 am

තදබදයකින් තොරව එක්දින සේවය යටතේ සතියේ වැඩ කරන දිනකදී පැය හතරක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට දැන් හැකියාව පවතින බව වැඩබලන ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා දිනමිණට ප්‍රකාශ කළේය. මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කවුළු 09 සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන අතර ඊට එක් දින කවුළු 08ක් සහ ප්‍රමුඛතා කවුළුවක් ඇතුළත් බව ද හෙතෙම කීවේය.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට උදේ 7.00 සිට පස්වරු 4.00 දක්වා එම කවුළු විවෘතව පවතින අතර උදේ 6.00 සිට සවස 2.00 දක්වා ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා තිබෙන බවත් පැවසුවේය.

පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැඳෙමින් නිකරුණේ කාලය නාස්ති කිරීමට අවශ්‍ය නොවන අතර එක්දින සේවය යටතේ දිනකට ගුවන් ගමන් බලපත්‍ර 2000ක් පමණ නිකුත් කරනු ලබන බවත් පස්වරු 2.00 දක්වාම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට කාලය ඇති නිසා පෙරවරුවේම දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණීම අවශ්‍ය නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මෙයට අමතරව මාතර, වවුනියාව, කුරුණෑගල සහ මහනුවර පිහිටි සෑම ප්‍රාදේශීය කාර්යාලයක් මඟින් දිනකට එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර 250ක් සහ සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර 150 බැගින් නිකුත් කරන බැවින් තමන්ට ආසන්නම ප්‍රාදේශීය කාර්යාලයට ගොස් කාලය ඉතිරි කරගන්නා ලෙස ද ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කළේය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT