Local

පොලීසිය, යුද හා නාවික හමුදාව එක්ව ඊයේ රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කරයි

Saturday, 05 July 2025 - 4:27 pm

ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය ,ශ‍්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව කදාන, ජාඇල, වත්තල හා රාගම ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ(04) රාත්‍රියේ සිදු කර තිබේ.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඊයේ රාත‍්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක වූ අතර ජා ඇල, වත්තල, කදාන හා රාගම ප‍්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක කර තිබුණි.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක‍්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන ලදී. ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටියි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT