Local

රනිල්ට ඕන කෘෂිකර්මාන්තය විනාශ කරන්න, අපිට ඕනි ගොවියා තවත් ශක්තිමත් කරන්න

Sunday, 18 August 2024 - 12:13 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕන කෘෂිකර්මාන්තය විනාශ කරන්න වුවත්, අපිට ඕනි ගොවියා තවත් ශක්තිමත් කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) අකුරැස්සේ පැවැති 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන තුන්වැනි ජන රැළිය අමතමින්.
නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ජනතාව අසරණ වී සිටි අවස්ථාවේ ඒ ගැන අවස්ථා ගණනාවක දී තමා ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කළ බවත් ඒ අවස්ථාවල කරුණු ඉදිරිපත් කරන විට රජය ඒ ගැන තඹ සතයකවත් ගණන් ගැනීමක් නොකළ බව විපක්ෂනායකවරයා කියා සිටියා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබූ මොහොතක වන්දි නොලැබුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළ විට වත්මන් ජනාධිපතිවරයා මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 10000ක් ආණ්ඩුවට ගැනීමට තීරණය කර ඇති බවත් ගොවිබිම් අක්කර 10000 ආණ්ඩුවට ගෙන වෙනත් කටයුතුවලට යොදවීමට තීරණය කර ඇති බව ඔහු අනාවරණ කළා.
එසේම තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන විට වත්මන් ජනාධිපතිවරයා විසින් ‘කෘෂිකර්මාන්තය අප රටට ඔබින්නේ නැත’ යනුවෙන් එවක කියා සිටි බවත් ඔහුට කෘෂිකර්මාන්තය වටින්නේ නැති වුවත් තමාට ගොවියා සහ කෘෂිකර්මාන්තය වැදගත් බව ඔහු පවසා සිටියා. සමගි ජන බලවේගයේ විසඳුම වන්නේ මේ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට විසඳුමක් ලබා දී මේ ගොවිබිම් ආරක්ෂා කර එම මුදල් උපයෝගී කර ගෙන තවත් විදේශ ආධාර ලබා ගෙන නිල්වලා ගඟ ව්‍යාපාරයේ අතිරික්ත ජලය වියළි කලාපයට ගෙන යන වැඩසටහන් සිදු කිරීම බවත් විපක්ෂනායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT