Local

"අපේ දේශපාලනය තුළ වරදාන වරප්‍රසාද බාර් පර්මිට් නැහැ'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Thursday, 15 August 2024 - 7:06 pm

අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරව් වී ඇති බවත් තමන්ගේ ජීවයත් ජන්මයත් තුට්ටු දෙකට අලෙවි වන දේශපාලන සංස්කෘතියක් අප රටේ ඇති බවත් එම ජ⁣රා ජීරණ වූ දේශපාලන සංස්කෘතිය නතර කළ යුතු බවත් මන්ත්‍රීවරුන් ගන්න හෝ ළඟ තබා ගන්න සමගි ජන බලවේගය එකදු රුපියලක් හෝ වැය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා UNP නායකයා ලෙස සිටින විට පක්ෂ මාරු කිරීමට සූදානම් වූ මන්ත්‍රීවරුන් 17ක් සිංගප්පූරුවට යැවූ බවත් ඔහු එසේ කළාට තමා එවැනි මුදල් නාස්තියක් සිදු නොකර ඒ මුදල් සක්වල හා හුස්මට වැය කරන බවත් මේ දේශපාලන සංස්කෘතිය නතර කළ යුතු බවත් වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ මත පදනම් වූ දේශපාලන ගමනක නොගියත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වන බවත් ය.
ඔහු මේ බව කියා සිටියේ අද(15) කොළඹ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගිවිසුමකට එළැඹීම සිදු වූ අවස්ථාවේදීය.
යහපාලන ආණ්ඩුවේ තමාට කැබිනට් ඇමතිකම් ලැබෙන විට තමා එවක ජනාධිපතිවරයාට අගමැතිවරයාට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන ලෙස යෝජන කළ බවත් රාජපක්ෂවරු ආගම්වාදය ජාතිවාදය ඇවිස්සුවා මිස මෙවැනි දෙයක් නොකළ බවත් මෙවැනි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් හරහා ⁣උතුරු නැගෙනහිර පළාත් දියුණු වන බවත් ඊට අමතරව ඒ හරහා රටම දියුණු කළ හැකි වුවත් අද වන තුරු එවැනි දෙයක් සිදු නොකළ නිසා සමගි ජන බලවේග රජයක් තුළ කෙටි කාලයක් තුළ උතුරු නැගෙනහිර ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් මෙහිදී ඔහු සඳහන් කර තිබෙනවා.
එහිදී ඔහු පැවසුවේ මෙවැනි සමුළුවක් හරහා උතුරු නැගෙනහිර ජනතාව සවිබල ගැන්විය හැකි අතර ගෝඨාභය රජයත් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පවා එවැනි සමුළුවක් කැදවන්න නොහැකි වූ බවයි.
පලස්තීන ජනතාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දී ඇති මොහොතක මේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් සාමකාමී අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවත් පලස්තීන ජනතව ට පහර පිට පහර ගසා මේ ජනතාව විනාශ කරන ව්‍යාපෘතියක ඊශ්‍රායල් රජය කටයුතු කරන බවත් සෙසු පාලකයන් මේ ගැන කතා කරන්න බය වුවත් තමා ඇත්ත සෘජුව කතා කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.


Top Stories
wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT