Local

UNP ජාවාරම්කරුවන් සමග සුපිරිසුදු SJB එක්වුනොත් ඉවරයි…

Wednesday, 02 October 2024 - 12:35 pm

‘සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් එක්ක එකතු වෙනවා කියන්නේ සමගි ජන බලවේගය තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වගේ වැඩක්’ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට යෝජනාවක් ගේනවා අපි කැමතියි ඔබ සමග එකට තරග කරන්න කියලා. අපි කියන්න ඕන මේ වෙලාවේ සමගි ජන බලවේගය කිසිම සිහි මද නොමැති ගතියකින් නෙමෙයි ඉන්නේ කියලා. සමගි ජන බලවේගය ඉතාම ප්‍රකෘතිය සිහියෙන් ඉන්නේ. මේ අය මේ උත්සාහ කරන්නේ මේ ධාරානිපාත වර්ෂාව හමුවේ සමගි ජන බලවේගය කියන මේ ශක්තිමත් කුඩය යටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම මේ කුඩෙත් කුඩු පට්ටම් කරලා දාලා මේ උත්සාහ කරන්නේ සමගි ජන බලවේගයට ලැබුණු ජනවරම කොහොමද කොල්ල කන්නෙ කියලා. ඒ වගේම තමයි ඔටුවා ඔලුව දාගන්න උත්සාහ කරනවා කූඩාරමට අවසානයේ ඔලුව විතරක් නෙමෙයි කද බඩ ඔක්කොම කූඩාරම ඇතුලට දාගෙන කූඩරමේ අයිතිකාරයා පලවා හරින තත්ත්වයකට එන්න තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම උත්සාහ කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මේ ජාවාරම්කාර කල්ලියට අපි කියනවා ඔබ විසින් පහුගිය කාලයේ ෂෙඩ් ලයිසන්, බාර් ලයිසන්, සුඛෝපභෝගී වාහන පහසුකම් මේ සියලු පෞද්ගලික වරප්‍රසාද තමන්ට ඕනවටත් වඩා ආණ්ඩුවෙන් ලබාගෙන දැන් උත්සාහ කරනවා ඒවා සමගි ජන බලවේගයේ ගෙළ සිඳ දැමීමට පාවිච්චි කරන්න.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් එක්ක එකතු වෙනවා කියන්නේ සමගි ජන බලවේගය තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වගේ වැඩක්. එනිසා කිසිසේත්ම සමගි ජන බලවේගයට උවමනාවක් ඇත්තේ නෑ ජාවාරම්කාර කල්ලියකට මේක නවාතැන්පළක් තිප්පලක් බවට පත්කරන්න.

රනිල් වික්‍ර්‍රමසිංහ දේශපාලනයෙන් විශ්‍ර්‍රාම ගැනීම කියන්නේ එක්සත් ජාතික පක්ෂය කවන්ධයක් වගේ. එහි හිස නැතුව කඳ බඩ පමණක් ඇති ඉතිරි තියෙනවා. එවායේ අයිතිය වත් කාගේද කියලා දන්නේ නෑ.

සමගි ජන බලවේගය අදූෂිත දේශපාලන ව්‍යාපාරයක්. මං හිතනවා පක්ෂ නායකත්වය ඉතා ප්‍රබල තීන්දු අරගෙන තිබෙනවා අදූෂිත දේශපාලන නායකයෝ, තරුණ උගත් බුද්ධිමත් අය මීළඟ මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න. ඒ අනුව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු අය විශ්‍රාම ගැන්වීම සඳහා වැදගත්ම අවස්ථාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ එළඹිලා තියෙනවා.

ජාතික ජන බලවේගය මැතිවරණයට කලින් කිව්වේ පෙට්‍රල් වලින් රුපියල් 150කට වඩා වැඩි අයුතු ලාභයක් බද්දක් මේ අමාත්‍යවරු ජාවාරම්කාර පාලක පන්තිය කියලා ලබාගෙන තිබුනා කියලා. ඒ කියපු විදියට අඩුම ගානේ රුපියල් 100 කින් වත් පෙට්‍රල් මිල අඩු කිරීමට ඔබට ශක්තියක් තියෙන්න ඕන. අලියෙක් තරම් විලිලා හරක් පැටියෙක්වත් වදාවි යැයි විශ්වාස කරා නමුත් අවසානයේ මී පැටියෙක් තමයි වදලා තියෙන්නේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT