Local

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

Friday, 13 September 2024 - 7:44 pm
Breaking News

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරන අතර ඒ බව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බව ද පැවසුවාය.
ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඒ මහත්මිය පැවසුවාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ පසුගිය 12 වැනිදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීය.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය,

“පසුගිය ජූනි 12 වන දින, අපගේ විධායක මණ්ඩලය විසින් 2024 අංක IV වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍යාධාරයක් නිදහස් කර තිබෙනවා. වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, තවමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතිනවා. එමනිසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”
පුද්ගලික ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹීම ප්‍රධාන සන්ධිස්ථාන බවට පත්වන බවයි.
එසේම IMF කාර්ය මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩ රාමුව සමාලෝචනය කරමින් සිය තක්සේරුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ලබා දී ඇති බවත්, මීට අමතරව, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මෙම තක්සේරුව ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ මූල්‍ය උපදේශකයින් වෙතද ලබාදී ඇති බවත් ඇය පැවසුවාය.
එමෙන්ම “ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපගේ කාර්යභාරය එතැන් සිට අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහභාගී නොවන බව මම මෙහිදී අවධාරණය කළ යුතුයි. එම සාකච්ඡා සිදුවන්නේ ණය ලබාගත් රට සහ එහි ණය හිමියන් අතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන්නේ ණය තිරසරභාවය පිළිබඳ සාමාන්‍ය තක්සේරුවක් පමණයි. වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පරීක්ෂා කරන ලෙස මම ඔබට යෝජනා කර සිටිනවා.” යැයි ද ඇය සඳහන් කළාය.
එසේම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ තක්සේරුව (DSA) සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජූලි කොසැක් මහත්මිය මෙසේ පැවසුවාය.
“මේ සඳහා මගේ පිළිතුර, මා විසින් ලබාදුන් පෙර පිළිතුරුවලට සමාන වෙනවා. පළමුවෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා.
තුන්වන සමාලෝචනය සිදු කරනු ලබන කාලසීමාව මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. එමනිසා අප ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක්, නැතහොත් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදුකරන තෝරාගැනීම මත පදනම් ව හිමිවන ප්‍රතිඵලය අනුව, වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT