Local

උගන්ඩාවට ගුවනින් ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි.. තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටුයි..- කොට්ටහච්චි

Tuesday, 15 October 2024 - 11:25 am

ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් එමගින් ඒවා නැවත ලබා ගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිතාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද ඇය පවසන්නීය.

පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ද ඇය අවධාරණය කරයි.

රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

“මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුළෙ බොහෝ අවලාදවලට මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලීනව මට නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. කොහොමවුණත් මෙතනදී මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා කියන එක.

ඒ අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා. තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළා, ඒක තමයි සමාජය විසින් කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලා රූ සමාගම විසින් ලැබුණු ඇනවුමකට අනුව කරපු මුදල් රැගෙන යාමක්.

නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා. කළු සල්ලි සුදුකරපු ඒවා තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ. ඒ මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙනයාම් වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගයේ නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. මේ මොහොතේදී මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා”


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT