Local

මොළයෙන් සිතා වැඩ කරන සියලුදෙනාගේ තේරීම රනිල්, මේ පාර මමත් රනිල්ට - පවිත්‍රා වන්නිආරච්චි

Sunday, 18 August 2024 - 12:37 pm

මොළයෙන් සිතා වැඩ කරන සියලුදෙනාගේ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි පවසනවා. ඇය මේ බව පැවසුවේ මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පස්වරුවේ පැවති 'පුළුවන් ශ්‍රී ලංකා' විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි 'වසර 32ක් වූ මගේ දේශපාලන ජීවිතයේ ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම සඳහා මම පෙනී සිටිනවා. මා පමණක් නොවෙයි, මෙහි සිටින අප සියලුදෙනාගෙන් බහුතරයක් අද ප්‍රථම වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා. අප කිසි දිනෙක ස්වාධීන අපේක්ෂකයෙකුට උපකාර කර නැහැ. නමුත් අප අද පාට පක්ෂ භේද කිසිවක් නොසලකා ස්වාධීන අපෙක්ෂකයෙකු වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටිනවා. මොළයෙන් සිතා වැඩ කරන සියලුදෙනාගේ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එදා හිටපු ජනාධිපතිවරයා රටින් පලා යනවිට විපක්ෂ නායකතුමාත් හැංගුණා. එදා විපක්ෂනායකයා හැංගුණේ අරගලයේදී ඔහුට පන්න පන්න ගහපු නිසා වෙන්න පුළුවන්. රටක් ලෙස අප අසරණ වූ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එම නිසා දුෂ්කරම මොහොතේ රටත් ජනතාවත් බේරා ගත් නායකයාට මේ රට තව දුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුයි  යැයි ''අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT