Local

ජනපති ධුර අපේක්ෂකයන් වියදම් කරන්න ඉල්ලන මුදල මෙන්න

Sunday, 18 August 2024 - 10:29 am

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර ඊයේ (16) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරණය අවසන් වී දින 20ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. 

මේ අතර එක් අපේක්ෂකයෙකු සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් වැඩි ගුවන් කාලයක් ලබාදෙන බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අදාළ ආයතනයට දැනුම්දීමක් සිදුකර තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ විවිධ පරිත්‍යාග කරමින් ඡන්දය ලබාගැනීමට උත්සාහ කිරීමෙන් ඡන්දදායකයා හෑල්ලුවට ලක්වන බව පැෆ්රල් සංවිධානය පවසයි.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT