Local

විජේදාසට සියල්ල අහිමිවේ.. ශ‍්‍රීලනිප සංවිධායකයන්ද සහාය දෙන්න බෑ කියති..

Sunday, 18 August 2024 - 11:38 am

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස බඳවා ගැනීමටත් ඔහුට පක්ෂයේ සභාපති ධුරය ලබාදීමටත් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතායි.

එතැනින් නතර නොවූ මෛත්‍රී, විජයදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂයා ලෙස පත් කරන බවටද ප්‍රකාශ කළේය.

එසේම ජයදාස රාජපක්ෂ මහතා තමා ශ්‍රීලනිපයේ සභාපති ලෙස පත්ව සිටින අතර පක්ෂයේ සාමාජිකයන්ගෙන් 95%ක් සිටින්නේ තමා සමඟ බව ද රැස්වීම් වලදී ප්‍රකාශ කළේය.

එහෙම කිව්වත් දැන් තත්ත්වය සම්පුර්ණයෙන්ම කණපිට පෙරළිලාය.

පසුගිය සතියේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට හිතවත් ශ්‍රීලනිප සංවිධායක පිරිසක් කැඳවා පක්ෂයේ සහයෝගය විජයදාස රාජපක්ෂ මහතා ට ලබාදීම ගැන අදහස් විමසීමක් කර තිබේ.

මේ සාකච්ඡාවට සහභාගි වූ කිසිම සංවිධායකයකු විජයදාසට සහාය පළ කිරීමට කැමැත්තක් ප්‍රකාශ කොට නැත.

පක්ෂයේ සභාපති ධුරයට ඔහු පත් කිරීම සහ ඔහුට ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂක ධුරය පිරිනමන බවට කළ ප්‍රකාශයත් මේ හමුවේදී දැඩි විවේචනයට ලක්කොට ඇත.

මේ රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා ප්‍රමාද වී පැමිණ ඔහුද කිසියම් ප්‍රකාශයක් කර තිබෙන අතර සංවිධායකයන්ගෙන් එයටද විරෝධය ප්‍රකාශ වී තිබේ. තමාට ඒ මොහොතේ පොළොන්නරුවට යෑමට තිබෙන බව පවසා ඔහු පිටත්ව ගොස් ඇත.

මෛත්‍රීගේ පුත්‍රයා සජබට සම්බන්ධ වී එම පක්ෂයෙන් ලබන මහමැතිවරණයට පොළොන්නරුවට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇති සූදානමක් ගැනද මෙහිදී ශ්‍රීලනිප සංවිධායකයන් ප්‍රශ්න කර තිබෙන බවත් විශේෂයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු කතෝලිකයන් ගෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් චෝදනා ඉදිරිපත් වී තිබීම ගැනද මෙහිදී සංවිධායකයන් අදහස් දැක්වූ බවක් ද වාර්තා වේ.


Top Stories
wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT