Local

ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම ප්‍රකාශ කිරීම නොබෝ දිනකින්

Tuesday, 30 July 2024 - 7:59 am

පක්ෂයේ මූලික හර පද්ධතීන්ට එකඟ වන සහ පක්ෂය පිහිටුවීමේ දී මූලිකත්වය දුන් සමාජ අගයන්ට ගරු කරන අපේක්ෂකයකු 2024 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් කරන ලද යෝජනාවක් අනුව ඊයේ (29) මේ තීරණය ගෙන තිබේ. පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට මෙහිදී විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11ක් පමණකි. ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර, රමේෂ් පතිරණ ඇමැතිවරු, කනක හේරත්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරු සහ පාර්ලමේන්තු මන්ත්‍රීවරු වන එස්.බී.දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂනී යන මහත්ම මහත්මීහූ එම 11 දෙනා වෙති.

මේ අවස්ථාවට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 79 දෙනකු සහභාගී වී තිබේ. දේශපාලන මණ්ඩලයේ සමස්ත සාමාජිකයන් ගණන 82ක් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවනු ලැබුවේ මේ රටේ ප්‍රගතිශීලි ජනතාවගේ අවශ්‍යතාවන් සහ ප්‍රාර්ථනාවන් මුල් කර ගෙන බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව මෙහි දී අවධාරණය වී තිබේ.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT