Local

මොණරෙකු මරා මාදුරු ඔය රක්ෂිතයේදී මස් කෙරූ විදේශිකයා හා ආදිවාසීන් අත්අඩංගුවට

Saturday, 15 June 2024 - 10:22 pm

මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ, මීට වසර හත­ර­කට හෝ පහ­කට ඉහ­තදී ආර­ක්ෂිත පක්ෂි­යෙකු වන මොන­රෙකු දුනු, ඊත­ල­ව­ලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රද­ර්ශ­නය කිරීම හා මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­න­යට ඇතු­ළු­වීම ඇතුළු චෝදනා පහක් යටතේ මහි­යං­ගණ දඹාන ප්‍රදේ­ශයේ ආදි­වාසී පස්දෙ­නෙකු සහ විදේ­ශි­ක­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන නීති­මය පිය­වර ගැනී­මට හේනා­නි­ගල වන සත්ත්ව අඩවි ආර­ක්ෂක ඩබ්ලිව්.එම්. කුමා­ර­සිරි විජේ­කෝන් මහතා විසින් පෙරේදා (13) මහි­යං­ගණ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට බී වාර්තා­වක් මඟින් කරුණු ඉදි­රි­පත් කොට තිබේ.

පසු­ගිය දිනක තමන් සමාජ මාධ්‍ය නර­ඹ­මින් සිටි­යදී මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ ආර­ක්ෂිත පක්ෂ­යෙකු ලෙස හඳු­න්වන මොන­රෙකු දඩ­යම් කර ගිනි දල්වා පුලුස්සා විදේ­ශි­ක­යකු සමඟ එම මස් ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර you tube නාළි­කා­වක් ඔස්සේ ප්‍රද­ර්ශ­නය කෙරූ සංචා­රක විදේ­ශි­කයා හා මහි­යං­ගණ දඹාන, කොට­බ­කි­නිය ප්‍රදේ­ශයේ ආදි­වා­සීන් පස්දෙනා, අත්අ­ඩං­ගු­වට ගෙන වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආඥා පනත උල්ලං­ඝ­නය සම්බ­න්ධ­යෙන් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම සඳහා බී වාර්තා­වක් මඟින් මෙම කරුණු ඉදි­රි­පත් කර ඇති බව ද හෙනා­නි­ගල වන සත්ත්ව අඩවි ආර­ක්ෂක කුමා­ර­සිරි විජ­ය­කෝන් මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

එම මොන­රාගේ කොට­සක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදි­වා­සීන් සහ විදේ­ශි­කයා විසින් ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකා­රය තමා ඇතුළු වන­ජීවී නිල­ධා­රින් විසින් නරඹා නිරී­ක්ෂ­ණය කළ බව ද විජේ­කෝන් මහතා පවසා සිටි­යේය.

ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේ­ශි­කයා සමඟ දඹාන ප්‍රදේ­ශයේ ආදි­වා­සීන් පස්දෙනා එම අප­රා­ධය සාමූ­හි­කව සිදු­කර රූගත කිරීම සම්බ­න්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පන­ත්ව­ලින් සංශෝ­ධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂක ආඥා පනතේ 469 අධි­කා­රිය සහ දණ්ඩ නීති සංග්‍ර­හයේ අංක 32 ප්‍රකා­රව පොදු අර­මු­ණින් යුතුව මෙම අප­රා­ධය සිදු­කර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙ­හිව අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට මේ යටතේ සිදු කරන බව ද කුමා­ර­සිරි විජේ­කෝන් මහතා පවසා සිටි­යේය.

මහි­යං­ගණ දඹාන කොට­බ­කි­නිය ගම්මා­නයේ පදිංචි මෙම ආදි­වා­සීන් පස්දෙනා සහ විදේ­ශි­කයා අත්අ­ඩං­ගු­වට ගෙන, මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­න­යට ඇතු­ළු­වීම, ගිනි­පත්තු කිරීම, දුනු ඊත­ල­ව­ලින් ආර­ක්ෂිත පක්ෂි­යෙකු මරා පුලුස්සා මස් කර ආහා­ර­යට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රට­ටත් ජාත්‍ය­න්ත­ර­ය­ටත් මුදා හරි­මින් ශ්‍රී ලංකාවේ වන­ජී­වීන් අප­රාධ සිදු කිරී­මට අනු­බ­ල­දීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙ­හිව නඩු පැව­රී­මට කට­යුතු කරන බවද කුමා­ර­සිරි විජේ­කෝන් මහතා අප කළ විම­සී­ම­කදී වැඩි­දු­ර­ටත් පවසා සිටි­යේය.

මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ ආර­ක්ෂිත පක්ෂි­යෙකු වන මොන­රෙකු, ඊතල දුනු­ව­ලින් මරා ගිනි­දල්වා පුලුස්සා ආහා­ර­යට ගන්නා වීඩි­යෝව ජාත්‍ය­න්ත­ර­යට මුදා හැරී­මෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමා­ණ­යක් නරඹා තිබෙන බව ද කුමා­ර­සිරි විජ­ය­කෝන් මහතා පැව­සීය.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT