Local

මුල් පුටුව හිස්වී පොලිසිය අවුල් ජාලයක්

Tuesday, 30 July 2024 - 10:56 am

පොලිස්පතිවරයකු නොමැති නිසා පොලිසියේ කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්වයක් මේ වනවිට උද්ගත වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.සියලුම මිලදී ගැනීම් නඩත්තු කටයුතු ඇතුළු පොලිසියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ජාතික පොලිස් කොමිසම සමග සම්බන්ධීකරණය කටයුතු කිරීම,විශේෂ රාජකාරි කටයුතු සඳහා පළාතකින් තවත් පළාතකට පොලිස් නිලධාරී කණ්ඩායම් යොමු කිරීම, සානුකම්පිත හේතූන් ඇතුළු හේතූන් මත ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති කනිෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් දීම, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නිවාඩු ලබා ගැනීම, ඇතැම් පොලිස් නිලධාරීන්ට විනය නියෝග දීම, පොලිස් ත්‍යාග අරමුදලේ මුදල් අනුමත කිරීම සහ විදේශීය පාඨමාලා හැදෑරීමට පොලිස් නිලධාරීන් යොමු කිරීම ඇතුළු තවත් අංශ ගණනාවක කටයුතු කරගෙන යාමට පොලිස්පතිවරයකු නොමැති නිසා දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව උසස් පොලිස් නිලධාරීහු පිරිසක් පැවැසූහ.

උද්ගත වී ඇති මෙම තත්වය හමුවේ පොලිසියේ කටයුතු ඉදිරියට කරගෙන කරගෙන යාම යාම අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද පැවැසේ.මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ පොලිස් ඉතිහාසයේ පළමු වතාවට බව ද සැලකේ.

යුක්තිය මෙහෙයුමේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දෛනිකව ආහාර දීමනාව වශයෙන් ගෙවූ මුදල් ගෙවීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ඉකුත් 24 වැනිදා නිකුත් කළ අතර ඒ වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ද නියෝග කර තිබිණි.මේ වන තෙක් වැඩ බලන පොලිස්පතිවරයකු ද පත් කර නොමැති බව එම උසස් පොලිස් නිලධාරීහු පෙන්වා දුන්හ.වැඩ බලන පොලිස්පතිවරයකු කඩිනමින් පත් නොකළහොත් තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකි බව උසස් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම පෙන්වා දුන්හ. පොලිසියේ පරිපාලන කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ද අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටී.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT