Local

දුම්රිය වර්ජකයින්ට වැඩ වරදින ලකුණු

Monday, 10 June 2024 - 2:06 pm

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ.

මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ මෙම වර්ජනය හිතාමතාම මහජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන එකක් බවය.

එමෙන්ම එවැන්නක් සිදුකළ අයට අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

'06 වනදා වනවිට උසස්වීම් ලිපි 57ක් අපි නිකුත් කරලා තිබුණා.  83න් 57ක් කියන්නේ 50%කටත් වැඩි අගයක්.  06 වනදා රාත්‍රියේ ඉඳලා වර්ජනය ක්‍රියාත්මක වූ නිසා මේ අයට මූලික කටයුතු කරන්නේ අපේ දෙපාර්තමේන්තුවේම උප දෙපාර්තමේන්තුවක් වන ධාවනබල දෙපාර්තමේන්තුව. අපි ධාවනබල දෙපාර්තතමේන්තුවට ගිහිල්ලා විමසීම් කරලා අඩුපාඩු සහිත ඉතුරු ඒවා ටිකත් එදා හවස 04 වෙනකොට අපේ දෙපාර්තමේන්තුවට යොමුකරලා තිබුණා. ඒ පත්වීම් ලිපි මේ වෙනකොට සකස් කරලා ඉවරයි. එතකොට සියලුම පත්වීම් 70ක් අපිට නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පත්වීම් 13ක් පමණයි ප්‍රශ්න තියෙන්නේ. ඒවා දෙපාර්තමේන්තු කඩයිම් පරීක්ෂණ සහ දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාගැනීම සහ විනය පරීක්ෂණ කටයුතු අවසන් කර ගතයුතු වෙනවා ඒ පත්වීම් 13 ලබා දෙන්න.  ඒ වගේම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මාසයක් ඇතුලත විශේෂ පරීක්ෂණයක් තියන්න අපි සැලසුම් කරලා තියෙනවා. වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිතියේ ලේකම් තමයි වර්ජනය හැම වෙලාවෙම මාධ්‍ය තුළත් කතා කරනවා දකින්ට ලැබුණේ. සභාපතිවත් වෙන අයවත් හිටියේ නෑ. මේ වර්ජනය හිතාමතාම මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න කරපු වර්ජනයක් විදියට තමයි  මම දකින්නේ.'  

දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්කරාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද? 

'අනිවාර්යයෙන්ම සාමාන්‍යධිකාරී ඇතුළු අපි සියලුදෙනාම ඉන්නේ ඒ මතයේ තමයි.'


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT