Local

අප්‍රිකානු සූකර උණ ලංකාවේ.. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරත් ප්‍රවාහනය තහනම්…

Monday, 28 October 2024 - 11:58 am

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය නවතා දැමූ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූවාය.

ඒ මෙරට ගොවිපොළවල් කිහිපයකින් අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයන් වාර්තා වීම හේතුවෙනි.

එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසුවාය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වලින් වාර්තා වුණු වෛරස් රෝගයක් හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දිනවල මිය ගොස් තිබේ.

එම නිසා රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම සිදු කරන බව එහිදී සඳහන් කළාය.

වෛරස් රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම තවදුරටත් නුසුදුසු බව වැඩිදුරටත් පැවසුවාය.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT