Local

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

Thursday, 15 August 2024 - 6:46 pm

ජනාධිපතිවරණයට නාම යෝජනා පත්ර භාරදුන් ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී
මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දකියි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (15) සිය නාම යෝජනා පත්ර භාරදුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරත විය.
දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඔවුහු සිය සුභාශිංසන පළ කළහ.
අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්රමුඛ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය ද එහිදි සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කළහ.
මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ.ගමගේ, රාජ්ය අමාත්යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිදිගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT