කළුතර දිස්ත්‍රික් නව භික්ෂු එකමුතු කතිකාවට එක්වූ මහා සංඝරත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නැවතත් ජනාධිපති ධුරයට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටියහ.
පෙරේදා(13) පානදුර, වයිට් හෙවන් හෝටලයේදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී උන් වහන්සේලා එසේ ප්‍රකාශ කර සිටියහ.
මේ අවස්ථාවට ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ, බස්නාහිර පළාතේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ගෝනගලපුර සමිද්ධි නාහිමි, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බෝධිනාගල වනවාසී සංඝ සභාවේ ලේඛකාධිකාරී, පැලවත්ත ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති හැවනේ ධම්මානන්ද නාහිමි, දඹගොල්ලේ පදුමසිරි හිමි, නාමල්තලාවේ දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ විශාල පිරිසක් එක් වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේලා මෙලෙස කියා සිටියහ.
“ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දිනවල විවිධ අපේක්ෂකයන් වේදිකා තනමින් ජනතාවට විවිධ පොරොන්දු දෙමින් සිටිනවා. රට අගාධයට වැටුණු මොහොතේ රට භාර ගැනීමට කිසිවෙක් සිටියේ නෑ. තමන් රටට පොරොන්දු වූවා සේ වසර දෙකක් වැනි කෙටි කාලයකින් රට යම් ස්ථාවර මට්ටමකට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. එනිසා අපට ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳ යම්කිසි විශ්වාසයක් තැබිය හැකියි. මේ වේලාව අත්හදාබැලීම් කරන්නට සුදුසු වෙලාවක් නොවේ.”