Local

ජනපති අපේක්ෂකයන්ගේ විවාදයට ප්‍රශ්න එවීම අදින් අවසන්

Monday, 02 September 2024 - 9:08 am

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමු කළ හැකි කාලය අදින් (2දා) අවසන් වේ.

මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු අදියර එළැඹෙන 07 වැනිදා පැවැත්වෙනු ඇත. දෙවන අදියර 8 වැනිදා ද තෙවන අදියර 09 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර ජනාධිපති ධුර අපේක්ෂකයන් බොහෝදෙනකු මීට සහභාගිවීමට නියමිතය.

එම විවාදයේදී ජනාධිපති අපේකෂකයන්ට ප්‍රශ්න යොමු කිරීමට මහජනතාවට ද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස යොමු කරන ප්‍රශ්න බාරගැනීම අද දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත.

පහත දැක්වෙන සබැඳිය ඔස්සේ එම ප්‍රශ්න යොමු කිරීමට මහජනතාවට අවස්ථාව හිමිව ඇති අතර මාර්තු 12 ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවීම මගින් ද ප්‍රශ්න යොමු කළ හැක.

ගූගල් පෝරමය: https://bit.ly/presidentialDebate 2024,

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/march12movement 


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT