Local

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කරයි

Tuesday, 30 July 2024 - 11:06 am

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙහිදී එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාවේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පතක් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන බවයි වාර්තා වන්නේ.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාධකට උපදෙස් දී ඇති බව සඳහන්.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT