Local

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,  නව හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත් පියවර - සෞඛ්‍ය අමාත්‍යාංශය

Monday, 10 June 2024 - 1:51 pm

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඉදිරි අවුරුදු පහ තුළ ලෝක බැංකු ආධාර යටතේ රුපියල් බිලියන 70 ක්වර්ෂයකට රුපියල්  බිලියන 14 ක් බැගින් වැය කොට  මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුලින් රෝගියාට සියලු ප්‍රතිකාර සේවාවන් එකම ආයතනයක් තුලදී විශේෂඥ වෛද්‍ය පහසුකම් සහ තොරතුරු  සහිතව ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් ‍ මෙයින් ඇති වන බවත් බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී  දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, නැත්නම් පස්දෙනෙක්  අවුරුදු 50-60 අඩු අය බවත්, එම නිසාවෙන්      ජයිකා ආයතනය සමග සම්භන්ධ වී හෘද ප්‍රතිකාර සදහා හෘද කැතීතකරණ ඒකක පහක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිතකිරීමට පියවර ගන්නා බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේබව අවධාරණය කර සිටියේ  පසුගියදින  රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාව ඇගයීම සදහා සංවිධානය කර තිබූ සුව විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ….

වර්ථමාන‍ය වන විට  පස් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 වැඩි අය බවත්, 2030 වන විට හතර දෙනෙකුගෙන්  එක් අයෙක්  අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත්ය. ඒ අයට තිබෙන සුවිශේෂී සෞඛ්‍ය ප්‍රශ්ණ සදහා  ප්‍රතිකාර කිරීමටත් කටයුතු කරන බවද, මෙරට වසරකට 60000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද  පෙන්වා ‍දුන්නේය. අනතුරු වලින් 6000 ක් මරණයට පත් වන බවත්, ලක්ෂයකට වැඩි පිරිසක් ආබාධයන්ට ලක් වන බවත්, ඒ සදහා අවශ්‍ය පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

මෙරට සිදුවන මරණ වලින් 89% සිදුවන්නේ බෝනොවන රෝග නිසා බවත්, මිලියන 41 ක් බෝනෙවන රෝග නිසා වාර්ෂිකව ලොව පුරා මිය යන බවද, එයින් මිලියන 17.2 ක් මිය යන්නේ හෘද රෝග නිසා බවද  කීය. අප රටේත් දුම් පානය නිසා 20000 ක් පමන දෙනා මිය යන බව පෙන්වා පෙන්වා දුන් අතර ලෝකයේ මිලියන 8 ක් මියයන බවද, මෙය අවම කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම,හදුනා ගැනීම,රෝග තත්ත්වයන් හදුනා ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ ඇතිකල යුතු බවද කීය.

අප කොපමණ ප්‍රතිසංස්කරණ සෞඛ්‍ය සේවාව තුළ සිදුකළත් රෝගියාට දක්වන කරුණාව, සෙනෙහස,මෙන්ම ගුණාත්මක ප්‍රතිකාරයක් ලබා නොදුනහොත්  ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි  තිබෙන විශ්වාසය අඩු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

රිකිල්ලගස්කඩ රෝහලේ ඵළදායිතා ඒකකය විසින් සංවිධානය කර තිබූ මෙම සුව විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය විශේෂ ප්‍රතිකාර ඒකක අංශය සහ වාට්ටු අංශය යන අංශ දෙක වෙනුවෙන්  තරගාවලිය පැවැත්වූ අතර එහි ජයග්‍රාහකයින්හට  සම්මාන සහ සහතික පත් ප්‍රධානය කිරීමද සෞඛ්‍ය ලේකම්වරයාගේ සුරතින්  සිදු කෙරිනි.

සෞඛ්‍ය ලේකම්වරයෙක් රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද පළමු  විශේෂ නිරීක්ෂණ චාරිකාව මෙය වූ අතර එහිදී ලේකම්වරයා විසින් රෝහලේ බාහිර රෝගී අංශය , වාට්ටු , සායන පවත්වන පරිශ්‍රය, රසායනාගාරය, මුලුතැන්ගෙය, ඖෂධාගාරය, දැඩි සත්තකාර ඒකකය, ශල්‍යාගාරය, ඇතුලු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.  රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදයත්,  ඖෂධ වල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිලිබදවත්,  රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරයත්, රෝහල තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබදවත්, රෝහල්වලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත් වල අවශ්‍යතාවයන් පිලිබදව විශේෂ අවධානයක් එතුමන් මෙහිදී යොමු කලේය.

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 300 ක මුදළක් වෙන්කර දීමටද  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පියවර ගත්තේය.

මෙම අවස්ථාවන් සදහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල පෙරේරා, නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නෙරන්ජි විජේසූරිය, රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන, රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සංවර්ධන කම්ටුවේ ලේකම් අමරසේන සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලුව රිකිල්ලගස්කඩ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

wedivistara

කොට්ටාවේ වෙඩි තැබීමක්

wedivistara

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල - නාමල්

wedivistara

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාකිස්ථානය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Trending
wedivistara

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

wedivistara

ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ බහුකාර්ය වරාය විවෘත කෙරේ

wedivistara

TikTok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

wedivistara

පාකිස්ථානය 08 වන දිනයටත් සටන් විරාමය උල්ලංඝණය කළ බවට ඉන්දියාවෙන් චෝදනා

wedivistara

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න - සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්


NEWS ALERT