Local

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් - මධ්‍යම පරිසර අධිකාරිය

Tuesday, 16 January 2024 - 8:11 pm

රට හරහා ගමන් කරන බාහිර වායු ධාරා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

විශේෂයෙන්ම කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරන්නේ.

දිවයින හරහා ගලායන සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපා ඇති බව ඔහු පවසා සිටිනවා.

මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය අවදානම අවම බවත්, කෙසේ වුවත් පෙනහළු ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවත්, වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT