රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකතන, ටැබ් පරිගණක සහ පරිගණක 238ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කරගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (30) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ (30) දින අලුයම 05.30ට ඩුබායි සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 4ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ. මේ වන විට මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
කටුනායක – ටී.කේ.ජී. කපිල