Local

ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක්

Saturday, 01 June 2024 - 10:32 am

  • රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායී අයුරින් දායක කර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක්.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම හමුවේදී අවධාරණය කළේය.

තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්යෝගය අගය කළේය.

එමෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කර ගැනීම සඳහා සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT