Local

අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් කැඳවීම හෙට සිට ඇරැඹේ

Wednesday, 14 February 2024 - 3:54 pm

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බවයි. ඒ අනුව ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බවයි හෙතෙම සඳහන් කළේ. පළාත් සභා නියෝජිතයන් අස්වැසුම වැඩසටහන සඳහා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් ඊයේ(13) පැවැති හමුවක දී ය. මුදල් අමාත්‍යාංශයේ පැවැති මෙම හමුව සඳහා පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ සමාජ සුබ සාධන ක්‍රියාවලියට වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන පළාත් සභා නියෝජිතයන්ගේ සහය අස්වැසුම දෙවැනි අදියරට ලබා ගැනීම තුළින් වඩාත් සුදුසු පිරිස ඊට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බවයි. විශේෂයෙන් ම සමාජ සේවා විෂය සඳහා පළ පුරුදු කාර්ය මණ්ඩලයක පළාත් සභා තුළ සිටින බවත් ඔවුන්ගේ මැදිහත් වීම තුළින් වඩාත් සාර්ථක ලැයිස්තුව අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් සකස් කිරීමට හැකියාව ලැබුණු ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. පළමු අදියරේ සිදු වූ යම් දුර්වලතා මගහරවා ගැනීම තුළින් මිලියන 2.4ක් වූ පිරිසක් දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තෝරා ගැනීමට නියමිත ය. දැනට ප්‍රතිලාභ ලබන මිලියන දෙකකට ආසන්න පිරිස ඉක්මවා පිරිසක් සුබ සාධන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම මැතිවරණ ඉලක්ක කර සිදු කරන දේශපාලන ක්‍රියාවලියක් බවට එල්ලවන ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වඩාත් විනිවිධභාවෙයන් යුතු මෙම ක්‍රියාවලියට මැදිහත්වීමට කිසිදු දේශපාලනඥයකුට නොව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පවා නොහැකි බවයි.
දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම ලබන 15 වැනිදි ආරම්භ කරනු ලබන අතර ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මස සිට සිදු කිරීමට නියමිත ය. දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.
විරෝධතා සහ අභියාචනා සලකා බැලීමේ කටයුතු 90%ක් මේ වන විට අවසන් බවත් ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටි පුද්ගලයන් 9,122ක් නුසුදුස්සන් බවට පත් ඇති බවත් හෙතෙම පැවසීය. කිසියම් පාර්ශ්වයක් සාවද්‍ය තොරතුරු මත ප්‍රතිලාභ ලබා ඇත්නම් ඒවා නැවත අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT