Local

ජාත්‍යන්තර කම්කරු සමුළුවට ඇමැති මහින්ද ජිනීවා යයි

Monday, 02 June 2025 - 9:15 am

ජිනීවා හී පැවැත්වෙන 113 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගිවීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (01) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පවත්වනු ලබන මෙම සමුළුව අද (02) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ලොව පුරා සාමාජික රටවල් 187ක විෂයභාර අමාත්‍යවරු, කම්කරු නායකයන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.

වැඩබිමේ දී ජීව විද්‍යාත්මක උපද්‍රවවලින් ආරක්ෂා වීම, අවිධිමත්භාවය මැඬපැවැත්වීම සහ විධිමත් වැඩ ප්‍රවර්ධනය කිරීම සඳහා නවමු ප්‍රවේශයන්, සමාජ සංවර්ධනය සඳහා වූ දෙවැනි ලෝක සමුළුවට ත්‍රෛපාර්ශ්වික දායකත්වය, සමුද්‍රීය කම්කරු සම්මුතිය සඳහා සංශෝධන ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙවර ජාත්‍යන්තර කම්කරු සැසියේ දී සාකච්ඡා කිරීමට ලක්කෙරෙනු ඇති බව ද කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමඟ මෙම සමුළුවට සහභාගිවීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වයලියද්ද, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (විදේශ කටයුතු) වසන්තන් යන මහත්ම මහත්මීන් සහභාගිවනු ඇත.

මේ හැරුණු කොට වෘත්තීය සමිති හතරක සහ හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන් ද සමුළුවට සහභාගිවීමට නියමිතය.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT