Local

‘සිහින සිත්තම්’ ළමා සිතුවම් උලෙළ උත්කර්ෂවත්ව

Tuesday, 23 January 2024 - 5:09 am

ජයග්‍රාහකයන්ට සහතිකපත් සහ පදක්කම්

ශ්‍රී ලංකාව පුරා සිටින ළමා සිත්තරුන්ගේ සිතුවම් කලා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් සැලසුම් කරනු ලැබූ ‘සිහින සිත්තම්’ චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය පසුගියදා හෝමාගම ‘යෝ බ්රුන්ඩික්ස්’ ආයතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පාසල් දරුවන්ගේ ආකල්ප කුසලතා වැඩිදියුණු කරමින් සෞන්දර්යාත්මක හැඟීම් ගොඩනැංවීම මෙම ‘සිහින සිත්තම්’ ළමා කුසලතා තරගයේ ප්‍රධාන අරමුණ විය.

මෙම සිතුවම් තරගය වයස අවුරුදු 07ට අඩු සහ වයස අවුරුදු 8ත් – 16ත් අතර වයස් කාණ්ඩය යටතේ පැවැත්විණි.

වයස අවුරුදු 07ට අඩු වයස් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයන් තිදෙ‍ෙනකු තෝරා පත්කර ගත් අතර ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද්දේ බප/මිනු බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පී.එල්. තිනුල දම්සිළු විසිනි. දෙවැනි ස්ථානය වින්වෙස්ට් ප්‍රාථමික පෙර පාසලේ ඉගෙනුම ලබන ඩී.එම්. යෙනුලි මෙත්සඳී ඒකනායක විසින් දිනාගත් අතර, තෙවැනි ස්ථානය බප/මිනු බණ්ඩාරනායක මහා විද්‍යාලයේ බී. හිරුන් යේහන්ස තිලකරත්න විසින් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 8ත් – 16ත් අතර වයස් කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය බප/කාල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ කේ.අයි. සෙනුදි චිතුලිමා කාරියවසම් විසිනි. දෙවැනි ස්ථානය ශ්‍රී සුභාරතී ජාතික පාසලේ ඒ. යුගීත් දේමිත පෙරේරා අමරවික්‍රම රාජකරුණා විසින් හිමි කරගත් අතර තෙවැනි ස්ථානය අන්නුර් මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.ආර්.එෆ්. රහුමා විසින් හිමි කරගන්නා ලදි.

හෝමාගම ‘යෝ බ්රුන්ඩික්ස්’ ආයතනයේ සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ‘සිහින සිත්තම්’ 2023 චිත්‍ර තරගාවලිය, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත කුමාර මහතාගේ මෙහෙය වීම යටතේ සිදු විය. ඉහත වයස් ඛාණ්ඩයේ දරුවන් විශාල පිරිසක් මෙම චිත්‍ර තරගාවලියට සම්බන්ධ විය.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT