Local

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

Tuesday, 22 April 2025 - 8:08 pm

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ස්වර්ගයීය දේව ජීවිතය ප්‍රාර්ථනා කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අනුව උන්වහන්සේ වෙනුවෙන් යාඥා කරන ලෙස සියලුම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අද (22) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

එසේම උන්වහන්සේ වෙනුවෙන් යාඥා වැඩසටහන් සිදු කරන ලෙසට සියලුම පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් සහ සහාවේ අනෙකුත් නායකත්වය දරන පිරිස්වලින් ඉල්ලා සිටින බවද එම හිමිපාණන් සඳහන් කළා.

මීට අමතරව, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට දැක්වූ ආදරය වෙනුවෙන් මෙත් සිත් පතා, උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි පුන්‍ය කර්මයන් වේ නම්, ඒවා සිදු කරන ලෙසට ඉල්ලා සිටින බවයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT