Local

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි

Tuesday, 26 March 2024 - 8:58 pm

  • කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට එක් වෙමින් සාගල රත්නායක පවසයි.

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ මාතර කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට (25) එක්වෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් 12 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

පාසල වෙත පැමිණි සාගල රත්නායක මහතාව සිසු දරුවන් විසින් හරසරින් පිළිගනු ලැබීය.

පාසල් සිසුන්ගේ කලාත්මක හැකියාවන් විදහා දක්වන කලා අංග කිහිපයක්ද ඉදිරිපත් කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය,

මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මාස හයක් වැනි කෙටි කාලයක් ගත වුණේ. මෙම පාසලේ භෞතික සම්පත් පමණක් නොව දූ දරුවන්ගේ අධ්‍යාපනයත් මේ වන වනවිට වෙනස් වෙමින් තිබෙනවා. මෙම කටයුතුවලදී විදුහල්පතිවරයා සිදු කරන කැපවීම ප්‍රශංසනයයි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලදි යුද හමුදාව විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුයි. සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නැති රටක් සාර්ථක වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අධ්‍යාපන වැඩසටහන් සකස් කරන්න පුළුවන්. නමුත් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත කළමනාකරණය කළ යුතුයි. පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩාවැටී තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තිබුණා. එම අවස්ථාවේ රටේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙරට ආර්ථික තත්ත්වය යම් තැනකට ගෙන ඒමට කටයුතු කළා.

එතනින් එහාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වන විට ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. දැන් මහ බැංකුව රටට, ජනතාවට වගකිවයුතුයි. ඒ වගේම සෑම ආයතනයක්ම රටට හා ජනතාවට වගකිව යුතුයි. ඊට අදාළ නීති මේ වන විට සකස් කර තිබෙනවා. එසේ නොකරන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.

ඒ වගේම රටේ සෑම පළාතක්ම සංවර්ධනය කිරීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙනවා. ඒ ඒ පළාතට ආවේණික ක්‍රමවේද මගින් එම පළාතේ ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේ ක්‍රියාවලියේදී දෙනියායටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. තේ ඇතුළු වැවිලි කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයේදීත් දෙනියායට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බව කිවයුතුයි. ඒ අනුව මේ ප්‍රදේශයේ ජනතාවටත් වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට හැකි පසුබිමක් අප සකස් කරනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද, කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික අමන්ද වීරසිංහ ඇතුළු සාමාජිකයන් සහ කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී.එන්.සී. ලක්මාල් සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT