Sports

වසර 32කට පසු ඔලිම්පික් පාපන්දු රන් පදක්කම ස්පාඤ්ඤය ට

Sunday, 11 August 2024 - 12:57 pm

වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු රන් පදක්කමක් දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණි.

ඒ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය ගෝල 5ට 3ක් ලෙස පරාජය කරමිනි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ සත්කාරක ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ය.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමා වූයේ ගෝල 3ට 1ක් ලෙස ස්පාඤ්ඤයට පෙරමුණ හිමිකර දෙමිනි.

දෙවන අර්ධයේදී ප්‍රංශය ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ අනුව නියමිත කාලය නිමා වන විට දෙපිල ම ගෝල 3 බැගින් රැස් කර තිබුණි.

අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගෝල දෙකක් රැස් කළ ස්ඤ්ඤය ගෝල 5ට 3ක් ලෙස අවසන් තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT