Local

ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව IMF අවධාරණය කරයි

Sunday, 21 January 2024 - 11:14 am

තිරසර ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අවධාරණය කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සහ ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය අගය කරන බවයි.

සිය සංචාරය සමාප්ත කරමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ඔවුහු මේ බව කියා සිටියහ.

අමාත්‍ය සේමසිංහ මහතා පැවසුවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය, යහපාලන භාවිතාවන් සහ ද්විපාර්ශවික ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකගතා පදනම් කරගත් අවසන් ගිවිසුම් කරා ගමන් කිරීම මෙන්ම වාණිජ සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ අභියෝගවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ඇතිකිරීමට කැපවී කටයුතුකිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. සේමසිංහ මහතා පැවසුවේ වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ බවත්, ඉන් ඉවත්වීමට කටයුතු කිරීම යළි අර්බුදයකට අතවැනීමක් බවත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අවධාරණය කළ බවයි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT