Local

රජයේ සේවක වැටුප් කරන්න තිබූ සල්ලි රනිල් ගෙදර අරන් ගිහින්..- ලාල් කාන්ත

Sunday, 27 October 2024 - 1:00 pm

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.

ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට (25) දින එක්වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවිමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බවයි.

ජනාධිපතිවරණයෙන් පරාජය වි නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල ගොස් ඇති බව සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇති බව පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් මස (14) දින රටේ බහුතර පිරිසක් පිලිතුරු ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

නොවැම්බර් (14) දිනයෙන් පසු ජාතික ජන බලවේගය කැබ්නම් ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරිමෙන් පසු රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT