වතු සමාගම් 7ක් සේවකයන්ට දිනකට රු:1,700ක වැටුපක් ලබාදීමට එකඟවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ අනුව ලබන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් අවශ්‍යතා අනුව ඊට අදාළ විශේෂ නීති සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායකයින් අමතමිනි.