Local

දිවයිනට පැමිණි පකිස්ථාන ආරක්ෂක ලේකම් ජනපති හමු වෙයි

Thursday, 04 January 2024 - 4:49 pm

මෙරටට පැමිණ සිටින පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී අද (03) පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්ථාන සිව්වන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගි වීමට ඒ මහතා දිවයිනට පැමිණියේය.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමග කෙටි සාකච්ඡාවකට එක් විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද හමුවී සාකච්ඡාවක නිරත විය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT