International

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

Tuesday, 24 June 2025 - 1:13 pm

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබෙයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහතට පැමිණ ඇත.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාවයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් විය.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබෙයි


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT