Local

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

Thursday, 26 June 2025 - 4:20 pm

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න පවසනවා.

ඒ අනුව, ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත්, ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

අවුරුදු 13-17 අතර දරුවන් අතර ස්ථුලතාවය 3%ක් පමණ පවතින බව ඔවුන්ගේ ආහාර පිළිවෙත සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද, දරුවන් අතර අධි බර 12%ක් පමණ දක්නට ලැබෙන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය සඳහන් කළා.

මෙම සෞඛ්‍ය ගැටලු සඳහා දරුවන්ගේ ආහාර රටාව ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, 17%ක් පමණ දරුවන් පැණි බීම හා ඒ ආශ්‍රිත බීම වර්ග පරිභෝජනය කරන බවත්, 28%ක් ලුණු සහිත ආහාර වර්ග පරිභෝජනය කරන බවත්, 28%ක් අධික තෙල් සහිත ආහාර භාවිතා කර ඇති බවත්, 41%ක් අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT