මහ මැතිවරණයේදි රටේ බහුතර ජනතාවක් ජාතික ජන බලවේගය දිනවිමට ගත් තිරණයට තමන් ගරු කරන බවත්, සමගි ජන බලවේගය යටතේ තරග කර තමන්ව සහ පලනි දිගම්බරම් මහතාව දිනවිමට වතුකරයේ ජනතාව කටයුතු කල බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවද නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනවිමට විශාල වශයෙන් ජන්දය ප්‍රකාශ කර ඇති බවත්, එම ජනතාවගේ ගැටළු විසදිමට වත්මන් ජනාධිපතිවරයා ගන්නා සෑම පියවරකටම තමන්ගේ සහය ලබාදෙන බවයි.