Local

වැට්වලට මුවා වී ජනතාව ගසාකන වෙළෙඳ මාෆියාවට එරෙහිව දැඩි නීති

Wednesday, 10 January 2024 - 1:44 pm

වැට් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට මුදල් ගසා කෑමේ වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා දැඩිව නීති රීති ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ඉතා අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස පාරිභෝගික ජනතාව සූරා කන කූට ව්‍යාපාරික ප්‍රජාවේ නොමනා අයුතු ලාභ ලබා ගැනීමේ පිළිවෙත පරාජය කිරීම සඳහා රජයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ බදු පිළිබඳ උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය කියා සිටියේ ජනවාරි මස 01 වැනිදා සිට අවසන් දින දක්වා අය කරන වැට් බදු ප්‍රමාණය ව්‍යාපාරිකයන් විසින් පෙබරවාරි මස 20 වැනි දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු බවය.

එලෙස නියමිත පරිදි අය කරගත් වැට් බදු එම දෙපාර්තමේන්තුවට ලබා නොදෙන්නේ නම් වැට් බදු පනතට අනුව සිදු කරන වැරැදීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඇය කීවාය. වැට් බදු අය කිරීමට සුදුසුකම් ලබන ව්‍යාපාරික ස්ථාන හඳුනා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන බලපත්‍රය අනිවාර්යයෙන්ම එම වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කළ යුතු බවත් වැට් බදු අය කර නිකුත් කරන බිල්පත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කරන ආකෘතියකට අනුව සෑම බිල්පතක්ම සකස් කොට පාරිභෝගික ජනතාවට නිකුත් කළ යුතු බවත් තනූජා පෙරේරා මහත්මිය පැවසුවාය.

මීට අමතරව වැට් බදු අය කිරීමට ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එම මුදල් අය කරගෙන යටිමඩි ගසා ගන්නා කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් එවැනි වැරැදි කරන්නන්ගෙන් දඩ මුදල් සහ අය කරගත් වැට් බදු මුදල් රජයට අය කර ගැනීමට ක්‍රියා කරන බව ද ඇය කීවාය.

කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) සවස පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයේදී තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මූලාසනය දැරූ මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතාගේ කාර්යාලය මඟින් සංවිධානය කර තිබිණි. මේ වන විට වැට් බදු අය කර ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික ආයතන සංඛ්‍යාව දහතුන් දහසක් වන අතර එය ඉදිරියේදී පනස් දහසක් බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව එහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා පැවසීය.

ඊට අමතරව සියයට දහඅටක් වන වැට් බදු අනුපාතය, වැට් බදු අය කර ගැනීමේ රුපියල් මිලියන හැටක් වන පිරිවැටුම් සීමාව පහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව ද එරන්ද මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT