Local

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් විශේ​ෂ නිවේදනයක්

Tuesday, 14 November 2023 - 2:34 pm

මේ වනවිට මෙර​ට ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඔහු පෙන්වා පෙන්නේ මෙම තත්ත්ව​ය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවළක ප්‍රතිඵලයක් බවයි.

ඒ බව පසුගිය වසර දෙකහමාරක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී ඔහු ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් විශ්වාස කිරීමට සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනමද එම ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් බවත් එම කුමන්ත්‍රණය පිටුපස ඇත්තේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම පමණක් බවට තමාගේ නිරීක්ෂණය වී ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම කුමන්ත්‍රණ නොයෙක් අරමුණින් ක්‍රියාත්මක වන අතර ඒවායේ පිටුපස ක්‍රිකට් ආයතනයේ බලය සඳහා පොරබදන පුද්ගලයින්, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්, ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයින් සිටින බවද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

සමාජ මාධ්‍ය වේදිකාවන් මෙම කුමන්ත්‍රණයන් එළිදකින තෝතැන්න බවට පත්වී ඇති බවත් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ස්වේච්ඡාවෙන්ම ජංගම දුරකථන ක්‍රීඩා අපරාධ විමර්ශන ඒකකයට භාරදී පවත්වන ලද දුරකථන සබඳතා පිළිබඳව වෝහාරික විශ්ලේෂනයක් කළ යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

ක්‍රිකට් සංචිත තෝරාගැනීමේදී සිදුවූ සිදුවීම් පිළිබඳවත් අනාගතය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීමේදී මුහුණ දී ඇති තත්ත්වයන් පිළිබඳවත් ඔහු මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

සම්පූර්ණ ලිපිය පහතින්.

news images news images news images news images news images
 


Top Stories
wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT