Local

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍යවරයාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම්..!

Friday, 17 November 2023 - 5:36 pm

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරිණත ආචාර්යවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ලද මේ විශිෂ්ට ජයග්‍රහණය පෞද්ගලික ව එතුමාටත් රටටත් ලැබුණු විජයග්‍රහණයක් බවයි.

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඉතා දුලබ මෙන් ම අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක් බවත් එවන් තනතුරක් සඳහා ජාත්‍යන්තර ඡන්ද විශාල ප්‍රමාණයක් දිනාගනිමින් තේරී පත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දකුණු ආසියානු කලාපයට හා සමස්ත ලෝකයට ම සේවය කිරීමට මහඟු අවස්ථාවක් මෙමගින් උදා වූ බවත් රට වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් තමන් ඒ සඳහා සුබපැතුම් එක් කරන බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී පැවසී ය.

ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මූලස්ථානයේ දී මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර මින් පෙර 2008 වර්ෂයේ ද එම තනතුර හොබවමින් රටට කීර්තියක් අත් කර දුන් බැව් සඳහන් කළ සුදර්ශන දෙණිපිටිය මන්ත්‍රීවරයා ද රටවල් විශාල සංඛ්‍යාවක් අභිභවා ලද මෙම දුලබ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සුබපැතී ය.

මෙහි දී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූහ.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT