Local

මැතිවරණ නීති කැඩූ සමාජ ජාලා ක‍්‍රියාකරුවන්ට නඩු දමයි…

Saturday, 21 September 2024 - 6:22 pm

ජනාධිපතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය භාවිත කරන සියලු දෙනාට අධිකරණයේදී පිළිතුරු දීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.
නිහඬ කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ආයතනවලින් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා පැවැසීය.

මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම මදි බවක් මතු පිටින් පෙනුණද අවසාන ප්‍රතිඵලය ලෙස එවැන්නන්ට දඬුවම් විඳීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

“නිහඬ කාලයක්” ප්‍රකාශ කොට ඇත්තේ ඡන්ද දායකයන්ට විවේකීව සිතාමතා තීරණ ගැනීමට බව පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙටා, යු ටියුබ්, ටික්ටොක් සහ ගූගල් වැනි සමාජ මාධ්‍ය ආයතනවලට ජනාධිපතිවරණ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ නීති විරෝධී ප්‍රවර්ධන වැඩසටහන් ඉවත් කරන ලෙස දන්වා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ මරතිවරණ නීති කඩ කළ එවැනි සමාජ මාධ්‍ය දහසක් පමණ වාර්තා වී ඇති බවයි.

පසුගිය අගෝස්තු 15 සහ සැප්තැම්බර් 18 අතර කාලයේ එම සමාජ මාධ්‍ය සමඟ ඇති සබැඳීම් වලට අදාළව මෙලෙස ක්‍රියා කර තිබේ.

ඒ අනුව 121 ක් සබැඳීන් සාර්ථකව ඉවත් කර ඇති බවත් සමාජ මාධ්‍ය ආයතන ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද සබැඳින් 116 ක් පවතින බවත් සඳහන් වේ. පසු විපරම් පණිවුඩ ලැබීමට නියමිත සබැඳින් 565 ක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී වෛර ප්‍රකාශයන් 247ක්, දුතොරතුරු 309ක්, ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම් 13ක්, වැරැදි පුවත් 174 ක් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT