Local

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Tuesday, 01 July 2025 - 5:33 pm

සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 අගෝස්තු 01 වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ඇතුළුව සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වැනිදා සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කරන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත්, එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද, සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත්, ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත්, අද සිට බස් හා ලොරි රථ සඳහාද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT