International

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

Tuesday, 01 July 2025 - 5:48 pm

අමෙරිකන් පාටි (the American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බවට ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මේ දිනවල අමෙරිකානු සෙනෙට් සභාවේ විවාදයට ගැනෙමින් ඇති ට්‍රම්ප්ගේ, නව විසර්ජන පනතක් වන වන් බිග් බියුටිෆුල් බිල් (One Big Beautiful Bill) නම් කෙටුම්පතට විරෝධය පළකරමිනි.

සුබසාධන වියදම් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5කින් කප්පාදුකර හමුදා වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ දැමීම යෝජිත කෙටුම්පතේ අරමුණයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ගෝලීය ආධාර කපා හැරීමට ගත් තීන්දුව හේතුවෙන් ඉදිරි පස් වසර තුළ අමතර මරණ මිලියන 14ක් සිදුවිය හැකි බවට ලැන්කැස්ට් සගරාවේ පළවූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණ කර තිබුණි.

එම මරණ අතරට වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 4.5ක් එනම් වසරකට ළමයින් ලක්ෂ 7ක් පමණ මියයනු ඇතැයි එම වාර්තාවෙන් ගණන් බලා ඇත.

2001 සිට 2021 අතර වසර 20ක කාලය තුළ දියුණුවෙමින් පවතින රටවල් 133ක සිදුවූ USAID වැඩසටහන් යටතේ මිනිසුන් මිලියන 91කගේ ජීවිත ආරක්ෂා වී ඇති බව වාර්තා වේ.

USAID වැඩසටහන යටතේ සිදුකළ මානුෂීය ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර තිබුණු සමස්ත ආධාරවලින් සියයට 80ක් කප්පාදු කිරීමට පසුගිය මාර්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ ඊලෝන් මස්ක්ගේ ඩොජ් වැඩසටහන යටතේය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT