උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව, ඇතැම් වෙළඳුන් තොග සඟවාගෙන අධික මිලකට සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
එවැනි වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, එහිදී රුපියල් ලක්ෂ 05 ක උපරිම දඩයකට හෝ මාස හයක සිර දඬුවමකට නියමවීමට හෝ මෙම දඬුවම් දෙකටම ලක්වීමට සිදුවනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.