Local

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

Monday, 08 January 2024 - 10:10 am

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගේ ආකාර්ෂණය දිනාගත් ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ. බෝට්ටු සේවය පවත්වාගෙන යෑමේ තාවකාලික බදු අයිතිය පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීම මත ජනවාරි මස 01 දින සිට සන්තකය මහ නගර සභාව වෙත පවරා ගන්නා බව දක්වමින් බෝට්ටු සේවා ස්ථානයේ දැන්වීමක් ද ප්‍රදර්ශනය කර ඇත.

බෝට්ටු සේවාව පවත්වාගෙන යාමට ටෙන්ඩරය ලබාගත් එරල් කෙම්ස් යන අයගේ ටෙන්ඩර් කාල සීමාව පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීමෙන් පසු නව ටෙන්ඩර්කරුවෙකු වැඩි මුදලකට එය ලබාගත් බව නගර සභාව පවසයි. බෝට්ටු සේවය වසර 55ක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය එරල් කෙම්ස් මහතා ටෙන්ඩරය පිරිනැමීමේ දී තමන්ට අසාධාරණයක් සිදුවූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයා නාගරික කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. අදාළ පරීක්ෂණය අවසන් වනතෙක් බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.

අසේල කුරුළුවංශ

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT