කොළඹ වරාය තුළ ඇති ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීම තවදුරටත් ප්රමාද වන බව බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
මේ වනවිටත් වරාය පරිශ්රය තුළ නිෂ්කාශනය නොකළ බහාලුම් 3,000 කට අධික ප්රමාණයක් පවතින බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල සඳහන් කළේ.
බලාපොරොත්තු වූ පරිදි බහාලුම් නිෂ්කාශන කටයුතු සිදු නොවීම ඊට හේතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.