Local

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්

Saturday, 09 March 2024 - 7:36 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට 2024/2025 සඳහා ක්‍රියාත්මක කරන “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පැවසීය.

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව 2024/2025 සඳහා “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් සැපයෙන බව කිව යුතුයි.

විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳව කුසලතාවය දැක්වූවත් පවුලේ ආදායම් ප්‍රමාණවත් නොවීම, අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමිවීමට හේතුවක් නොවිය යුතුයි. එබැවින් අප රජය රටේ ආර්ථික අර්බුදය විසඳන අතර දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ද කැපවී සිටිනවා.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

පාසලේ 13 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරියේ දී 12 වන වසරේ දී පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම මේ වන විට 11 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී 10 වන වසරේ දී පැවැත්වීමට ද අප බලාපොරොත්තු වනවා.

විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වන සිසුන්ගේ වයස් ප්‍රමාණය තවත් වසරකින් අඩු කිරීම මෙහි අරමුණයි. ඒ අනුව ඔවුන් උපාධිදාරීන් ලෙස අඩු වයසින් විශ්වවිද්‍යාලවලින් පිටවීමට ලැබීම රැකියාවක් සඳහා යොමු වීමේ දී ද වැදගත් වන බව කිව යුතුයි.

ඒ වගේම කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” (Pre-Grade) ආරම්භ කිරීමට ද අප සූදානමින් සිටිනවා. වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමේ හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

එමෙන්ම දිවයින පුරා දැනට කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා. එය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මත්මකභාවය වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් බව සඳහන් කළ යුතුයි. පාසල් අධ්‍යාපනය සඳහා පාසල් කිහිපයක් ඒකාබද්ධ කරමින් පොකුරු අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා.

තවද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද පත් කිරීමට නියමිතව තිබෙනවා. පවතින විදුහල්පති ශ්‍රේණි පුරප්පාඩු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT