Local

2023 රත්නපුරෙන් මී උණ රෝගීහු 1156ක් 15 දෙනෙකු මිය ගිහින්

Friday, 02 February 2024 - 8:43 am

පසුගිය වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් මී උණ බව සැක සහිත රෝගීන් 1422ක් වාර්තා වූ බවත් ඉන් පුද්ගලයින් 1156 දෙනෙකුට මී උණ රෝගය වැලඳී ඇති බවට සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වූ බවත්, ඉන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය උදාරී නාවුලගේ මහත්මිය පැවසීය. ඇය මෙසේ පැවසුවේ ඉකුත්දා (31) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා රත්නපුර දිස්ත්‍රික්කයට විශාල තර්ජනයක්ව ඇති මී උණ රෝග තත්ත්වය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි. මෙම දිස්ත්‍රික් කමිටු රැස්වීම කමිටු සභාපති අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් හා කමිටු ලේකම් දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග වෛද්‍යවරිය මෙසේ ද පැවසීය. වසර කිහිපයක සිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිපුරම මී උණ රෝගීන් වාර්තා වන්නේ. මේ තත්ත්වයට පතල් කර්මාන්තයත් හේතුවක් වී ඇතත්, මරණවලට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ කුඹුරුවලට හා පතල්වලට බසින කම්කරුවන් මී උණට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට මැළිකමක් දැක්වීමයි. මේ වසරේ ගෙවුණු පළමු මාසය තුළද මෙහි වැඩි වෙනසක් සිදුව නෑ.

මෙහිදී ප්‍රශ්නයක් යොමු කළ කමිටු සභාපති අකිල එල්ලාවල මහතා ඉල්ලා සිටියේ මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධය මඩට බහින කම්කරුවන් හා ගොවීන් වෙත ලබා දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇත්ද යන්නයි. එයට පිළිතුරු ලබා දුන් රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහප්පෙරුම මහත්මිය පවසා සිටියේ මෙම ප්‍රතිජීවක ඖෂධය නිරන්තර ලබා දීමට නුසුදුසු බැවින් මෙම බෙහෙත ලබා ගන්නා පිරිස ද ඒ පිළිබඳ දැනුම්වත් වී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අවශ්‍ය උපදෙස් මත මෙම ප්‍රතිජීවක පෙති ලබා ගත හැකි බවයි.

මී උණ ඇතිකරන බැක්ටීරියාව මීයන්ගේ ශරීරයේ වකුගඩු ආශ්‍රිතව ජීවත්වන නමුත් ඔවුන්ට හානිදායක වෙන්නේ නැ. මීයන්ගේ මූත්‍රා හරහා බාහිරට නිකුත් වන මෙම ජීවීන් මිනිසාගේ ශරීරයේ විශේෂයෙන් කකුල් අතර, පවතින කුඩා තුවාල හරහා ශරීරයට ඇතුළු වෙනවා. ඒ එක්කම මිනිසාගේ ශරීරයේ තියෙන ශේෂ්මල පටල හරහාත් මෙම බැක්ටීරියාවට ඇතුළුවීමේ හැකියාව තියෙනවා. මී උණ විෂබීජයට නිරාවරණය වී දින 5ක් දින 14ක් ඇතුළත කාලයේදී රෝග ලක්ෂණ මතුවීම සිදුවෙනවා. මෙම රෝග ලක්ෂණ බොහෝවිට සාමාන්‍ය වෛරස උණකට සමාන වන අතර උණ , මංශපේශිවල වේදනාව, හන්දිවල වේදනාව, තද හිසරදය, ආහාර අරුචිය පවා සිදු විය හැකියි. මීට අමතරව සමහර අවස්ථාවල හුස්ම ගැනීමේ අපහසුතාවය මූත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බව ද මේවා බරපතළ තත්ත්වයක පෙරනිමිති ලෙස හඳුන්වන්නට පුළුවන් බව ද මෙම රෝගය ඩෙංගු රෝග ලක්ෂණවලට මඳක් සමාන ලක්ෂණ දක්වන නිසා එයින් වෙන් කර ගැනීම වැදගත් වෙනවා යැයි ද වසංගත රෝග වෛද්‍යවරිය මෙහිදී පැවසීය.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT