Local

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය ගැන වාර්තාවක් එළි දැක්වෙයි

Thursday, 08 February 2024 - 5:23 pm

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද (08) එළිදැක්වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.

මෙම සෙල්ලිපිය  කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT