Local

දේශගුණික විපර්යාස මැඩලීමට ශ්‍රී ලංකාවට සහාය දක්වනවා

Sunday, 03 December 2023 - 9:04 pm

  • බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපති බිල් ගේට්ස් මහතා.
දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා පැවසීය.
ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා අතර හමුවක් අද (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමට අදාළ වැඩසටහන් සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් බිල් ගේට්ස් මහතා පැවසීය.
ශ්‍රි ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද බිල් ගේට්ස් මහතා සඳහන් කළේය.
දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහා සාමුහික කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාව විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බිල් ගේට්ස් මහතා දැනුවත් කළ අතර ලෝකයටම අභියෝගයක් වී ඇති පාරිසරික ගැටළු විසඳා ගැනීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයන් තුළ ඵලදායි කාර්යභාරයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ පුළුල් සහ ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ නියෝජිත පිරිස සාකච්ඡා කළහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT